laatste update: 05-2022
ජීවිත කාලය පුරාවටම අපි විවිධ කාලයෙන් කාලයට විවිධ ආකාරයට විවිධ දේවල් වලට ඇබ්බැහි වෙනවා. සමහරවිට ඒ ඇබ්බැහිය කෙළවරවෙන්නෙ depression වලින්. සමහර විට සිය දිවි නසා ගැනීමකින් වෙන්නත් පුළුවන්. නමුත් ඕනෑම ඇබ්බැහියක් පාලනයෙන් තොර තත්ත්වයකට පත් වෙන්නට ප්‍රථම තමන්ටම ස්වයං ක්‍රියාමාර්ග තුළින් එයින් ගැලවීමේ හැකියාව තිබෙනවා. බොහෝ විට අද සමාජයේ බහුලව දැකිය හැකි ප්‍රවණතාවක් වන්නේ ශක්තිමත් මානසික සෞඛ්‍යයක් නොතිබීම හේතුවෙන් එදිනෙදා ජීවිතය තුළ බොහෝ වැඩකටයුතු ව්‍යාකූල තත්ත්වයට පත් කරගෙන මිනිසුන් විසින් අනවශ්‍ය ය ගැටළු වලට මුහුණදීමයි. මේ පිළිබඳව නිසි මනෝ විද්‍යාත්මකව උපදේශනයක් ඔබට ලබාදීම සඳහා, වගකිවයුතු විද්‍යුත් මාධ්‍යයක කාර්යභාරය මනාව හඳුනාගත් දූපතේ අපි කණ්ඩායම අද දවසේ දී මෙම වැඩ සටහන ඔබට ගෙන එන්නෙමු.
මෙතුළින් තත්කාලීන සමාජය නිසි මනෝවිද්‍යාත්මක උපදේශනයක් තුළින් සමාජ දුරාචාර වලින් මුදාගනිමින් ස්ථිරසාර හෙටක් ගොඩනැගීම අපේ මුඛ්‍ය පරමාර්ථයයි. වැඩසටහන සඳහා සම්පත් දායකත්වය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ මනෝ උපදේශිකා භාග්‍යා අබේසිංහ මහත්මිය වන අතර ලාංකීය ජන සමාජයේ සමාජ යථාර්ථය අධ්‍යයනය කිරීම හා අභ්‍යන්තර හැදෑරීම් පිළිබඳ නව මානයක් ඇති කිරීමට උත්සාහ කරන සමීර විදානගෙදර මහතා විසිනි.
#dupathe_api #BhagyaAbeysinghe #SameeraWidanagedara #depression #anxiety #addiction #sexuality #mentalhealth #love #sad #selfcare #consulting #selflove #life #therapy #depressed #stress #motivation #health #suicide #pain #psychology